Monday, August 22, 2011

ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහින‍ය




කුරුලකු පිය සළා විත්
ශාලාව ඇතුළ‍ට
ප්‍රොජෙක්ටර ආලෝකය දැක
ඒ දිග පියෑඹුව...

තිරය මත මල් උයන...
පෙම් යුවල සතුටින...
අසබඩ විසල් රුක
සොඳුරු විය නුබ කුස...

ඒ දුටු කුරුලු තෙම...
වේගයෙන් ඒ වෙත
වැද තදින් තිරය මත
මහ ලේ විලකි... සැබෑ ලේ...

විලාපය ප්‍රේක්ෂක මුව...

“මෙය නම් බිහිසුණු ය...
අප දකිනු රිසි මේ නොවේ....”

සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare

Thursday, August 11, 2011

මෙ‍ම කවිය බිහිසුණු ය...


මෙ‍ම කවිය බිහිසුණු ය

එය තැබිය යුතු නැත
දරුවන් අත පොවන මානය
වැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...

යමෙකු ගිල දැමුවොත් මුළුමනින්
අතුරු ආබාධ එනු ඇත නොනැවතී

‍නන්නාඳුනන බිහිසුණු කවිය
හමුවුවද මහ මග
පොදු ජන අවකාශයක
නොපිළිගන්න... නොකියවන්න...
උත්සාහ නොකරන්න...

බිහිසුණු කවිය ගෙන
මුද්‍රා තබා කවරයක සුරැකිව
ළඟම තක්සලාව වෙත යවන්න

එවිට උගතුන් ලිහනු ඇත
කරදර නොවන ලෙස
එම කවිය බිහිසුණු ය...

අති සරල කවියක් වුව
දිය කරනු ඇත ඔබේ හදවත
මිනිස් සිතිවිලි පොදි ගෙන
හද සසල කරවනු ඇත...

සියලු කවි වෙත රජයේ මුද්‍රාව තැබිය යුතු
‘මෙම කවි බිහිසුණු ය...
හද සසල වනු ඇත...’

සෙවණැල්ල: එල්මා මිෂෙල් - This Poem...